Certificate in Advanced Business Accounting

රු2,800.00

Description

මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ?
ගිණුම්කරණය පිලිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මේක. ප්‍රධාන මාතෘකා 14 ක් සහ අනු මාතෘකා 76 කින් සමන්විත මෙම පාඨමාලාවේ පෞද්ගලික ණය සඳහා Document සාදාගැනීම, වෘත්තීය විභාග පිලිබඳ දැනුවත්කිරීම වැනි අමතර ව්‍යාපාර මාතෘකා රැසක්ද ඇතුලත් ය.

පාඨමාලාවේ උගන්වන කරුණු (සිලබස්) පහතින් ඇත.

කොහොමද උගන්නන්නෙ ?
විනාඩි 35 ක වීඩියෝ ටුටෝරියල් වලින්. සම්පූර්න ටුටෝරියල් 22ක් තියෙනවා.
මෙම ටුටෝරියල් ලෙසන් 22 අවසන් වෙනවාත් සමගම පාඨමාලාව අවසන් වෙනවා.
මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට අපේ LMS ප්ලැට්ෆෝම් එකට Upload කරලා ඔයාට link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්.

ප්‍රශ්න තිබුනොත් ?
අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,

ඒ කියන්නෙ ලෙසන් 22ක් තියෙන්වා මේ පැකේජ් එක විස්තර කරපු, එකින් එක යන්නෙ, එක ලෙසන් එකක් විනාඩි 35 යි . එහෙමද ?
ඔව්. ඒ වගේම උගන්නන හැම වීඩියෝ ලෙසන් එකක්ම ඔයාට Download කරගන්නත් පුළුවන්.

එක්සෑම්ස් තියෙනවද ?
ඔව්. එක්සැම් එකක් තියෙනවා, වෙන්නෙ මෙහෙමයි. අපි මුලින්ම වීඩියෝ ලෙසන් මගින් උගන්නනවනේ. ඊට පස්සෙ තව වීඩියෝ ලෙසන් එකකින් කියලා දෙනවා එක්සෑම් එක කරන විදිහ. ඊට පස්සේ එක්සැම් එක කරලා වට්සැප් මගින් එවන්න තියෙන්නේ.

නියමිත වෙලාවක් තියෙනවද ?
නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, ටෙස්ට් එක PDF සහ Mail වලින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්. මොකද අපිට ඉන්නවා 24 H සපෝට් ටීම් එකක්. එයාල පැය 24 ම ඔන්ලයින්. ( Mail කරන විදිහ සහ Document එකක් PDF කරන විදහ එහෙමත් අපි කියලා දෙනවා )

ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?
ඔව් අනිවාර්‍යයෙන්.

එතකොට ඉගැන්වීම් කරන්නෙ Online එකෙන් නෙ? දැන් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා.
ඔව්. ඒත් අපේ සම්පූර්න කෝස් එකම, ඒ කියන්නෙ ලෙසන් ඔක්කොම Full HD බලන්න ස්ටුඩන්ට් ට වැය වෙන්නෙ GB 2 ටත් අඩු ඩේටා ප්‍රමානයක්. ඒ ඩේටාවලට යන්නෙ රුපියල් තුන්සීයක් විතර මාසෙටම.

හරි. ඔයාලගෙ ආයතනය රෙජිස්ටර්ඩ් ද ?
ඔව්. අපි දැනටමත් නුවර, නාවලපිටිය, දෙල්තොට, හෙම්මාතගම වගේ සෙන්ටර්ස් වල මේ කෝස් එක කරනවා On Class ලමයින්ට, රටේ ඇතිවෙලා තියෙන කොරෝනා වසන්ගත ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේක ඔන්ලයින් ගෙනාවෙ. එතකොට සෙන්ටර්ස් වලින් අපේ කෝස් එක කරපු ලමයින්ට ලබා දෙන සහතික පත්‍රයමයි අපි ඔන්ලයින් කෝස් එක කරන students ලාටත් ලබා දෙන්නෙ. අපේ ආයතනය රජයේ ලියාපදිංචි අංකය : PV 00229933. මෙම ලියාපදිංචි අංකය ඔබට ලැබෙන සහතිකයේත් සඳහන් වෙනවා.

කෝස් එක ඔන්ලයින් නම් සහතිකය කොහොමද ලබා දෙන්නෙ. ඔන්ලයින්ද ?
නැහැ. අපි සහතියකය ගෙදරට කුරියර් පෝස්ට් කරනවා. දවස් තුනකින් ගෙදරටම ලැබේවි සහතිකය.

මේ කෝස් එකේ සපූර්න කොස්ට් එක කීයද ?
මෙහෙමයි. කලින් කිව්වා වගේ අපේ සෙන්ටර්ස් වල මේ කෝස් එක අපි කරන්නෙ 8700/- ට. ඔන්ලයින් එකට ගෙනාපු නිසා අපි මේ කෝස් එක 2800/- ට Students ලාට ලබා දෙනවා. මේ ගානත් දෙපාරකට ගෙවන්න පුලුවන්. ඉස්සෙල්ලම 1800/- බෑන්ක් ඩිපෝස්ට් කරලා අපි ලබා දෙන වට්සප් අංකයට ස්ලිප් එක දාන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඔන්ලයින් ට්‍රාන්සර් කරා නම් Screen shot එකක් ඒ අදාල වට්සප් අංකයට දාන්න ඔන.
එතනින් පුලුවන් ඉස්සරහට යන්න. ඒ වගේම ඉතිරි බැලන්ස් එක ඒ කියන්නෙ (1000/-) ගෙවන්න පුලුවන් පළමු පාඩම් 10 න් පස්සෙ.

ඒ වගේම ඒ වෙලාවේ ( Second Payment එකේ වෙලාවේ ) පාඨමාලාව පිළිබඳව හෝ ඇකඩමිය පිළිබඳව, ඉගැන්වීම් පිළිබඳව ඔබ Satisfied නැත්නම් ( සැහීමකට පත්වන්නේ නැත්නම්) ඔබ ගෙවූ සම්පුර්ණ මුදල නැවත Refund කරනු ලැබේ.

ගුරුවරු ?
ඔන්ලයින් මගින් උගන්වන ගුරුවරු ඔක්කොම Extra qualified ගුරුවරු ඉන්නෙ. එයාලගෙ ඉගැන්වීම් වලට දැනටමත් වැඩි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනව.

රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ?
0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.
නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න….

Syllabus :

1.ව්‍යාපාර පසුබිම
1.1 ව්‍යාපාර හැඳින්විම
1.2 අවශ්‍යතා සහ වුවමනා
1.3 භාණ්ඩ සහ සේවා
1.4 නිෂ්පාදන සාධක
1.5 ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව

2. ගිණුම්කරණය හැඳින්විම
2.1 ගිණුම්කරණය යනු
2.2 ගිණුම්කරණයේ අරමුණ
2.3 ගිණුම්කරණය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව
2.4 ගිණුම්කරණ තොරතුරු පද්ධතිය
2.5 ගිණුම්කරණයේ නව ප්‍රවණතා

3. ගිණුම්කරණ සමීකරණය
3.1 ව්‍යාපාර ඒකක සංකල්පය
3.2 ගිණුම්කරණ මූලිකාංග හඳුන්වා දීම
3.3 මූලික ගිණුම්කරණ සමීකරණය
3.4 ගිණුම්කරණ සමීකරණය ගොඩනැගිම

4. ද්විත්ව සටහන් න්‍යාය
4.1 ද්විත්ව සටහන් න්‍යාය හඳුන්වා දීම
4.2 ගනුදෙනුවක ද්විත්ව බලපෑම

5. මූලික පොත් 01
5.1 මූලික පොත් හඳුන්වා දීම
5.2 මූලික පොත්වල වැදගත්කම
5.3 මුදල් පොත
5.4 සුළු මුදල් පොත

6.මූලික පොත් 02
6.1 ගැනුම් ජ’නලය
6.2 විකිණුම් ජ’නලය
6.3 ආපසු එවුම් ජ’නලය
6.4 ආපසු යැවුම් ජ’නලය
6.5 පොදු ජ’නලය

7. මූලික පොත් අභ්‍යාසය

8. ලෙජර් ගිණුම් සහ ශේෂ හඳුන්වා දීම
8.1 ලෙජර් ගිණුම් යනු
8.2 ලෙජර් ගිණුම් වර්ග
8.3 ලෙජර් ගිණුම් පිළියෙල කිරීම
8.4 පොදු ලෙජරය
8.5 ලෙජර් ගිණුම තුලනය කිරීම
8.6 ශේෂ පිරික්සුම

9. ගිණුම්කරණ සංකල්ප

10.බැංකු සැසඳුම් ප්‍රකාශන
10.1 බැංකු ජංගම ගිණුම
10.2 බැංකු ප්‍රකාශය
19.3 ශේෂ වෙනසට හේතු
10.4 සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කිරිම
10.5 බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම
10.6 බැංකු සැසඳුම (විකල්ප ක්‍රමය/ සෘජු ක්‍රමය)

11. ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
11.1 ගිණුම්කරණ වැරදි යනු
11.2 ගිණුම්කරණ වැරදි
11.2.1 ශේෂ පිරික්සුම මගින් අනාවරණය වන
11.2.2 ශේෂ පිරික්සුම මගින් අනාවරණය නොවන
11.3 ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම

12. තනි පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම් පිළියෙල කිරීම
12.1 අවසාන ගිණුමක අවශ්‍යතාවය
12.2 වෙළද ගිණුම පිළියෙල කිරීම
12.3 ලාභ අලාභ ගිණුම පිළියෙල කිරීම
12.4 ආදායම් ප්‍රකාශනය හඳුන්වා දීම
12.5 මූල්‍ය තත්ව ප්‍රකාශනය හඳුන්වා දීම

13. ගිණුම්කරණ ගැලපිලි හඳුන්වා දීම
13.1 අවසාන තොග ගැලපීම
13.2 උපචිත වියදම් ගැලපීම
13.3 ලැබිය යුතු ආදායම් ගැලපීම
13.4 බොල්ණය ගැලපීම
13.5 ක්ෂය ගැලපීම
13.6 ගැනිලි ගැලපීම
13.7 තොග හානි සහ රක්ෂණ වන්දි ගැලපීම
13.8 VAT බදු ගැලපීම
13.9 EPF සහ ETF ගැලපීම
13.10ගැලපිලි සහිත අවසාන ගිණුම පිළියෙල කිරීම

14. නිෂ්පාදන ව්‍යාපාරයක ගිණුම් පිළියෙල කිරීම
14.1 නිෂ්පාදන ව්‍යාපාර යනු
14.2 පිරිවැය වර්ග හඳුන්වා දීම
14.3 ප්‍රාථමික පිරිවැය
14.4 පොදුකාර්‍ය පිරිවැය
14.5 නිෂ්පාදන පිරිවැය ලේබනය පිළියෙල කිරීම

15. අසම්පූර්ණ සටහන් ඇසුරින් ගිණුම් පිළියෙල කිරීම
15.1 අසම්පූර්ණ සටහන් යනු
15.2 තත්ව විස්තරය
15.3 අසම්පූර්ණ සටහන් ඇසුරින් ලාභය ගණනය කිරීම

16. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර වල ගිණුම් සකස් කිරීම
16.1 ලාභ අරමුණු කර නොගත් සංවිධාන යනු
16.2 සාමාජික මුදල් ගණනය කිරීම
16.3 ලැබීම් හා ගෙවීම් ගිණුම සකස් කිරීම
16.4 ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම
16.5 මූල්‍ය තත්ව ප්‍රකාශනය සැකසීම

17. ගිණුම්කරණ අනුපාත
17.1 හැඳින්විම
17.2 ගිණුම්කරණ අනුපාතවල වැදගත්කම
17.3 මූලික අනුපාත වර්ග ගණනය කිරීම

Certificate in Advanced Business Accounting

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin